කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

Report

රටේ පොදු ප්‍රවාහන සේවාව සුරක්ෂිත කරමින් මගී ජනතාවට විධිමත්, කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ රජයේ තිරසර ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යතාර්ථයක් බවට පත්කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අද (09) නිල වශයෙන් ආරම්භ වුණා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මෙහි සමාරම්භය සිදුව තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යපෘති කළමනාකරණ ඒකකයේ සැලසුම්කරණයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවා යෝජකත්වයෙන් දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීම අඛණ්ඩව

පානීය ජල ගැටලු පවතින ප්‍රදේශවලට ජලය බෙදාහැරීම අඛණ්ඩව

මෙම ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත ක්‍රමවේදයන්ට අනුගතවයි ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන්නේ. මේ යටතේ මගී ජනතාවට අවශ්‍ය විවිධ සේවාවන් සපයන නව තෙමහල් ගොඩනැගිල්ලත් ඉදි කිරීමට යෝජිතයි.

එම සේවා ගොඩනැගිල්ල තුල නවාතැන් පහසුකම්, විවේකාගාර, ප්‍රමිතිගත භෝජනාගාර, සනීපාරක්ෂක පද්ධති, තොරතුරු මධ්‍යස්ථානයක්, ඖෂධහලක් සහ තැපැල් සේවා මධ්‍යස්ථානයක් ඇතුළු ජනතාවට දෛනිකව අවශ්‍ය සේවාවන් සිදුකරගත හැකි අංගවලින් යුක්ත වෙනවා.

දුම්රිය ස්ථානය අභ්‍යන්තරයේ ස්ථාපිතව පවතින ඉපැරණි මගී යකඩ ගුවන් පාලම් පද්ධතිය අළුතින් නිර්මාණය කරන අතර, එය සියලුම දුම්රිය වේදිකාවන්ට ප්‍රවේශ විය හැකි පරිදි ඉදිකිරීමට නියමිතයි. එහිදී එම මගී ගුවන් පාලම් එක් අන්තයක් කොම්පඤ්ඤවීදිය සහ ඩී. ආර්. විජේවර්ධන මාවත දෙසටත් අනෙක් අන්තය මරදාන සහ බැස්ටියන් මාවත දෙසටත් ප්‍රවේශ වියහැකි පරිදි ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, දුම්රිය ස්ථානයට ඇතුළුවන සහ පිටවන මගීන් සඳහා නව තාක්ෂණය සහිත E-Gate පහසුකම හඳුන්වා දීමට පියවර ගැනෙනු ඇති. මෙම නව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොදු මගී රථවාහන අංගනයක් ද සැලසුම් කර ඇති අතර, ත්‍රිරෝද රථ, කුළී රථ, පෞද්ගලික වාහන ආරක්ෂිතව නවතා තැබීමට අවශ්‍ය පහසුකම් සහිතව එය ඉදිකෙරෙනවා.

මෙම ව්‍යාපෘතිය මාස 15ක කාලයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සදහා වැයවන වියදම රුපියල් මිලියන 2,162ක්. එම පිරිවැය මුදලින් රුපියල් මිලියන 1,500ක් ආසියානු සංවර්ධන බැංකු ණය වශයෙන් ලබාගන්නා අතර, ඉතිරි රුපියල් මිලියන 662 ශ්‍රී ලංකා රජයේ අරමුදල් ලෙස යොදා ගැනෙනු ඇති. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර සදහා රුපියල් මිලියන 800ක් වැයකර අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය සැළසුම් සකස්කර ඇති අතර, එහි ඉදිකිරීම් 2027 වසරේ ආරම්භ කිරීමට අපේක්ෂිතයි.

හදිසි නීතිය දීර්ඝ කෙරේ - අතිරේක ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී සම්මතයි

හදිසි නීතිය දීර්ඝ කෙරේ - අතිරේක ඡන්ද 110කින් පාර්ලිමේන්තුවේදී සම්මතයි