මෙරට හිටපු පොලිස් ප්‍රධානියෙක්ට වසර 5ක සිර දඬුවම් නියම වෙයි.

Sri Lanka Police Sri Lanka
By krishani Sep 25, 2023 12:29 PM GMT
krishani

krishani

Report

සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඒ රත්නපුර මහාධිකරණ ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙලෙස හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක සිර දඬුවම් නියම කර ඇත්තේ.

ඒ ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවයි.

විනිසුරුවරිය මෙම දඬුවම ලබාදෙමින් රුපියල් 20,000ක දඩයක් ගෙවන ලෙසට ද විත්තිකරුට නියෝග කර තිබෙනවා.

2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කහවත්ත පොලීසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනාගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රී මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ ය.   

ReeCha