හිටපු ජනපති අද FID පැමිණේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදු කර ඇති බවට සඳහන් වේ.
ඒ අනුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපතිවරයා මේ ආකාරයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සුළු මොහොතකට පෙර පැමිණි බව සදහන්.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව වැඩිදුරටත් සඳහන්ය.