හිටපු ජනපති රනිල්ට අද FCIDයෙන් කැඳවීමක්
By Shehan
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා ඇති බව වාර්තා වේ.
මෙම කැඳවීම සිදුකර ඇත්තේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා ලන්ඩනයට ගමන් කිරීම සම්බන්ධ විමර්ශනයකට අදාළව බව සඳහන් වේ.
මෙම ගමන එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල උත්සවයකට සහභාගි වීම සඳහා සිදුකර ඇති අතර, එය නිව්යෝක් ගමනකින් පසුව සිදුව තිබේ. FCID විසින් මෙම ගමනේ මූල්‍ය භාවිතය හා එහි විනිවිදභාවය පිළිබඳව විමර්ශනය කරන බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාගේ එවකට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය ද මීට පෙර මෙම විමර්ශනය සම්බන්ධයෙන් FCID වෙත කැඳවා ප්‍රකාශ ලබාදී ඇත.