නව ආණ්ඩුවේ ඇමතිකම් භාර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද(20) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඇමතිකම් ලබා ගැනීම පිළිබඳ තීන්දුවක් ගත්තේ නැතැයි මෙන්ම අමාත්‍යධූර තනතුරු ගැනීම අවශ්‍ය නැති අතර රජයට අවශ්‍ය සහාය දෙන බව මධ්‍යම කාරක සභාවේ දී තීරණය කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |