ඔයාලගේ දිනේට මම එන්නේ නැහැ... මගේ දිනේට එන්නම් - රනිල් අල්ලසට කියයි
එළඹෙන 28 වැනි සඳුදා දින පෙරවරු 9.30ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් විසින් එම කොමිසමට දන්වා ඇත.
අද දිනයේදී ඒ මහතාට එහි පෙනී සිටින ලෙසට කල දැනුම් දී තිබුනද ඔහු අද එහි පෙනී සිටියේ නැත. පසුගිය 18 වැනිදාද එහි පෙනී සිටින්නැයි දන්වා තිබූ අතර එදිනද ඔහු එහි පෙනී සිටින්නට නොහැකි බව දන්වා තිබින.
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැදවීම කර තිබේ.