ලෝකේ වැඩිම නඩු කාපු හිටපු ජනාධිපතිවරයා
තමන් අනුන්ට නඩු නොදැම්මද අනුන් තමන්ට නඩු 400 ක් පමණ දමා ඇති බවත් ලෝකයේ වැඩිම නඩු ඇති මිනිසා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
තමන් ද සදාකල් ජීවත් වන්නේ නැති බවත් තමා මියගිය දිනෙක ඒ නඩු ද අවසන් වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.
මහත්මා ගාන්ධි, ඒබ්‍රහම් ලින්කන්, බණ්ඩාරනායක මහතා වැනි දේශපාලන දාර්ශනිකයන් වෙඩි තබා මැරුවා සේ තමන්ගේ මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිපත්තිය ද පිරිසක් වෙඩි තබා මරා දැමූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසුවා.