ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකට වසර 6ක සිරදඬුවමක්

Report

2024 වසරේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවීමේ සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට වැරදිකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (2026 මැයි 14) බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

සිර දඬුවමට අමතරව රුපියල් මිලියන 3ක දඩ මුදලක් ද විත්තිකරුට නියම වූ අතර, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් වසරක සිර දඬුවමක් ලබා දීමට ද අධිකරණය නියෝග කළේය.

2024 වසරේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කාන්දු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශ කරමින්, සිය පෞද්ගලික ධනයෙන් රුපියල් මිලියන 3ක වන්දියක් රජයට ගෙවන ලෙස මීට පෙර ප්‍රේමතිලක මහතාට නියෝග කර තිබුණි.

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කරන්න - ඕමල්පේ සෝභිත නාහිමි

එම නියෝගය නියමිත කාලය තුළ ඉටු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ගොනු කර තිබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඬුල්ල මෙම තීන්දුව ලබා දෙන ලදී.