හිටපු අමාත්‍ය විජිත් විජයමුණි අතින් රිය අනතුරක් - අත්අඩංගුවට පෙර ඔහුම පොලිසියට භාර වෙයි

Report

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් සංවිධායකවරයා වන විජිත් විජයමුණි සොයිසා මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පාර්ශවයන් අතර ඇති වූ සමථයකින් මුදා හැර ඇති බවට දෙහිවල පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව ගල්කිස්ස දෙස සිට කොළඹ බලා දෙහිවල ගාලු පාර ඔස්සේ ගමන් කරමින් තිබූ හිටපු අමාත්‍යවරයාගේ ඩිෆෙන්ඩර් රථයේ පුද්ගලයකු ගැටීමෙන් පසුව ඔහු බිම ඇද වැටී ඇත.

එහිදී රියදුරු විසින් රථය පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී, පිටුපසින් පැමිණි තවත් වාහනයක ගැටී ඇති බවට පොලිස් වාර්තාවල සඳහන්. මේ අතර තුවාල ලැබූ පුද්ගලයා වහාම සිය ඩිෆෙන්ඩර් රථයෙන්ම කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර ඇත.

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

අනතුරින් තුවාල ලබා ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු වෙත ඉදිරිපත් කර ඇත. පසුව ඔහු මත්පැන් පානය කර නොතිබූ බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් තුවාලකරුගේ පාර්ශවය සහ හිටපු අමාත්‍යවරයා අතර ඇති කර ගත් එකඟතාවකට අනුව, පොලිසිය විසින් මෙම සිද්ධිය සමථයකට පත් කර තිබෙන අතර, ඒ අනුව අත්අඩංගුවට ගෙන සිටි අමාත්‍යවරයා නිදහස් කිරීමට පියවර ගත් බව ද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ අතර අඳාළ අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා ඇත. එම සටහන මහතින් උපුටා දක්වා ඇත.

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

අයවැය පරාද වුනාට ව්‍රායි කට අරියි

"ස්තුතියි 🙏❤️ අද දහවල් මා මාගේ කළුබෝවිල නිවසේ සිට දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයට මාගේ රථය පදවාගෙන ගමන් කලේ අවශ්‍ය බලපත්‍රයක් ලබා ගැණිමටයි. මෙහිදි දෙහිවල ගුවන් පාලම යටදී මා පැදවූ වාහනය නැවැත්වීමේදි පදික මහතෙකු සුළු අනතුරකට ලක්විය.වහාම ක්‍රියාත්මක වූ මා අවට සිටි පදිකයන්ගේද සහය ඇතිව මමම රථය පදවාගෙන ගොස් තුවාලකරු කළුබෝවිල දකුණු කොළඹ ශික්ශන රෝහලට බාර දෙනලදී. ඉන් අනතුරුව මමම පොලිසියට ගොස් බාරවි ඔවුනට නීතිය ක්‍රියාත්මක කරවීමට උපරිම සහය ලබා දුනි. මත්පැන් පානය කොට ඇත්දැයි යන පරීක්ෂණයද කරන ලෙස ඉල්ලා සිටින ලදී. අනතුරට පත් මගියා රෝහලෙන් පිටවු පසු, මත්පැත් වාර්තා ආදි සියල්ල පැමිණි පසු මා පොලිස් ස්ථානයෙන් පැමිනෙන ලදී. අනතුරෙන් කිසිවෙකුට හානි සිදු නොවුනද අගතියට පත් සියලු පාර්ශ්වයන්හට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. එසේම නීතිය අකුරටම ක්‍රියාත්මකකරවූ දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරි මහතුන්ටද ස්තුතිය. අනතුර සිදුවූ මොහොතේ සිට සොයා බැලූ ඔබ සැමට ස්තුතිය.
විජයමුණි සොයිසා
හිටපු ඌව පලාත් ප්‍රධාන අමාත්‍ය / කැබිනට් අමාත්‍ය"

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්

දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්