හිටපු අමාත්‍ය රාජිතගේ සහෝදරයකු වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

Report

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගනු ලැබූ ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ හේවාහැලඹගේ මහීල් ප්‍රියදර්ශී සේනාරත්න රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප 2ක මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (18) දින නියෝග කර ඇත.

එසේම සැකකරුට විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් නියම කර තිබෙනවා. මෙම සැකකරු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන අයගේ සහෝදරයකු ද වන බව සඳහන්.

මෙම සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම කරන ලද කරුණු දැක්වීමෙන් පසු අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබුණා.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ලංකා ධීවර සංස්ථාවේ 2010 - 2012 කාලසීමාව තුළ දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේ සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර, සෘජුවම තෝරාගත් ආයතන දෙකක් වෙත එම කටයුතු වෙනුවෙන් අනුමැතිය ලබාදීමේ සිද්ධියට අඳාළව සැකකරුට චෝදනා නගා තිබූ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

එමෙන්ම තවදුරටත් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා ඇත්තේ එම ආයතන දෙක වෙත වැඩ කටයුතු පැවරීම සඳහා නිලධාරීන්ට බලපෑම් කර වගවීමට සැලැස්වීම මඟින් දූෂණය නමැති වරද සිදු කර ඇතැයි යන චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්

පරණ NIC එකට තිත - ලංකාවේ මිලියන 17ටම ඩිජිටල් හැඳුනුම්පත්