මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙකු අල්ලස් දැලේ

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ නීත්‍යනුකූල නොවන වාහන පැවරීමකට අදාළව සිදුකරන විමර්ශනයකට අනුව, එම දෙපාර්තමේන්තුවේ හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජේසේකර ආරච්චිගේ චන්ද්‍රා විජයසේකර නමැති හිටපු නිලධාරියායි. ශ්‍රී ලංකා රේගු නිෂ්කාශනයකින් තොරව සහ රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

එමෙන්ම අදාළ මෝටර් රථයේ පළමු පැවරීම සිදු කිරීම සඳහා කවුළු අංකයක් ලබාදී, එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කිරීමට කටයුතු කිරීම ද මොහුට එරෙහිව ඇති අනෙක් චෝදනාවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට