යුද්ධය පැවති කාලයේත් පෙරහැරවල කාවඩි ගියා- ආණ්ඩුවට ආරක්ෂාව දෙන්න බැරිද? – නාමල් රාජපක්ෂ
මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර පෙරහැර, කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හාමුදුරුවනේ පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකක්ද කරන්නේ? යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා
''කාවඩි නවත්තනවා. පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න? පොලිස්පතිවරයාට එතරම් තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව සැකයිද? ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්නේ, අහුවෙන්නේ දිසාපතිවරයා. බැනුම් අහන්නේ දිසාපතිවරයා. පොලිස්පතිවරයා ඒකෙත් අත හෝදගන්නවා. ඉතිහාසයේ පළවෙනි වතාවට, යුද්ධය යන කාලෙත් පෙරහැරවල් වල කාවඩි ගියා. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු කාලේ, මේ 2009 යුද්ධයේ අවසාන කාලයේ පවා අපේ ගම්වල පෙරහැරවල් වල කාවඩි ගියා. ආණ්ඩුව ඒකට ආරක්ෂාව දුන්නා. ආණ්ඩුව ඒක රැක්කා. ඒ පෙරහැරේ යන බැතිමතුන්ව, බලන්න එන, නැටුම් කණ්ඩායම්, අලියන් ආරක්ෂා කරා. නෙමෙයි නම් ආරක්ෂා කරා, හැබැයි අද ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. පහුගිය කාලෙත් මේ ආණ්ඩුව බලයට ආවේ ඔය කාරණා ඔය විදියටම කියලා. හැබැයි බලය ගත්තට පස්සේ අපේ හාමුදුරුවනේ, ගතානුගතික, සාම්ප්‍රදායික, යල් පැනගියපු දේශපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන් ගත්තා.
ලංගම කවදාවත් ගොඩ එන්නෙ නෑ..මේක ජාතික අපරාධයක් - අලුතින් එන්න යන බස් 600 ගැන සතුටු වුණ අයට අනතුරු ඇඟවීමක්
ඔවුන්ගේ සමහර ප්‍රතිපත්ති අසූ ගණන් වලට ගැලපෙයි. අනූව මුල භාගයට ගැලපෙයි. අඩුම ගානේ දෙදහටවත් ගැලපෙන්නේ නැති ප්‍රතිපත්ති මාලාවක් අද ඔවුන් අනුගමනය කරන්නේ. එක පැත්තකින් මර්ධනය. තවත් පැත්තකින් තර්ජනය. හැබැයි ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්නේ නැහැ අද පාදුක්ක ප්‍රදේශයේ බොහෝ ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා, ව්‍යවසාකයෝ ඉන්නවා. අද අසීමිත බදු බරක් ආණ්ඩුව ඔබ වෙත පටවලා තියෙනවා. ඔබ බදු ගෙවන්න විරුද්ධ නැහැ, ඔබ කැමතියි ගෙවන්න. හැබැයි ඔබ ගෙවන බද්ද සාධාරණ වෙන්න ඕනේ. ඔබ ගෙවන බදු ප්‍රමාණය සාධාරණයි වගේම ඔබට විශ්වාසයක් තියෙන්න ඕනේ ඒ බද්ද නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා. නැවත වතාවක් ආර්ථිකයට ආයෝජනය වෙනවා කියලා. ඔබ ගෙවන බද්ද ගමේ පාරේ බෝක්කුව, ඇල වේල්ල හැදෙන්නේ නැත්නම්, ඔබ ගෙවන බද්දෙන් ඉස්කෝලේ, ඉස්පිරිතාලේ ගොඩනැගෙන්නේ නැත්නම්, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ආරක්ෂා වෙන්නේ නැත්නම්, ඔබ අසීමිත බදු ගෙව්වත් අද රෝහලකට ගියාම බෙහෙත් නැත්නම් අපේ හාමුදුරුවනේ, එක ඇඳක රෝගීන් දෙන්නා තුන්දෙනා ඉන්න තැනට රෝහල් තදබදය සහ සංවර්ධනය අවම කරලා තියෙනවා නම්, එවැනි අසීමිත බද්දක් ඔබෙන් ගන්න එක සාධාරණද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා.
පහුගිය කාලේ නම් JVP එක කිව්වේ මේ බදු සල්ලි හොරකම් කරනවා කියලා. අද ඔවුන්ගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, ඔවුන් කියන විදියටම හොරකම් කරනවා. හැකර් කෙනෙක් පැනලා අරන් ගිහිල්ලා. ඉතිහාසයේ මුදල් අමාත්‍යාංශයේ ගිණුමට අපේ හාමුදුරුවනේ හැකර්ලා පැන්නේ නැහැනේ. අපි අහලා නැහැනේ. වැරදි ගිණුමකට මුදල් දැම්මාලු. එතකොට මුදල් අමාත්‍යාංශයේ ඉන්නේ පොඩි ළමයි, මහ බැංකුවේ ඉන්නේ පොඩි ළමයි, මුදල් ලේකම් පොඩි බබෙක් වැරදි ගිණුමකට සල්ලි දාන්න. හැබැයි තමන්ගේ ගිණුමේ සල්ලි වැරදි ඒවට දාන්නේ නැහැ. ආණ්ඩුවේ ගිණුමේ සල්ලි තමයි වැරදි ගිණුමට දාන්නේ. අද මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් මේ දෙකට හැප්පෙනවා කවුද වැරදි කියලා. හැබැයි දෙන්නගේ අවසාන නිගමනය මොකක්ද? මේ පාඩුව ජනතාවගෙන් පියව ගන්න ඕනේ, ඒ කියන්නේ ඔබෙන්. ඔවුන් වැරදි ගිණුම්වලට සල්ලි දාන්නත් ඔබ ඒකට ගෙවන්නත්. මට තියෙන සැකය, ඔය කියන හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඔය කියන හැකර් ඉන්නේ ජේවීපී කාර්යාලයේද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ජනාධිපතිවරයා කියනවා ඩොලර් මිලියන 750ක් වැරදි මාර්ගයෙන් පිටරට ගෙනිහිල්ලාලු.
ඔයාලගේ ආණ්ඩුව කාලේ ගෙනිච්චේ, මොකක්ද බලන් හිටියේ? ඔබගේ ආණ්ඩුව, පැමිණිලි කරලා වැඩක් නැහැ. පෞද්ගලික බැංකුවකින් බිලියන 17ක් ගිණුමකට ගිහිල්ලා දානවා ගිණුම් පහකට, අද වෙනකම් වෙච්ච දෙයක් නැහැ. ඔබ ව්‍යාපාරිකයෝ මෙතන ඉන්නවා. ඔබ තමන්ගේ ආදායම මුදල් වලින් හෝ බැංකු ට්‍රාන්ස්ඇක්ෂන් එකකින් ගනුදෙනු කරන එකෙන් ලක්ෂ 10ක් 15ක් ගිණුමකට දැම්මොත් බැංකුව ඔබෙන් ප්‍රශ්න කීයක් අහනවාද? හැබැයි අර ගිණුමට බිලියන ගානක් වැටෙනකම් බැංකුව ප්‍රශ්න කරලත් නැහැ, මුදල් අමාත්‍යාංශය ප්‍රශ්න කරලත් නැහැ, මහ බැංකුව ප්‍රශ්න කරලත් නැහැ. එහෙම නම් අපිට සාධාරණ සැකයක් නැද්ද මේ කාරණා පිටිපස්සේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඉන්නවා කියලා? සාධාරණ සැකයක් අපිට තියෙනවා. සාධාරණ සැකයක් අපිට තියෙනවා. අද ජාතික ආරක්ෂා
ව, මම දැක්කා පහුගිය දිනෙක අපේ හාමුදුරුවනේ මේ ආරක්ෂක නියෝජ්‍ය ඇමති දිව්‍ය ලෝකෙන් ආවා කිවුවා.විපක්ෂය මර්ධනය කරනවා කිව්වා. තව චුට්ටක් විපක්ෂයේ තියෙනවා, අපි තව ටික දවසකින් ඒකත් මර්ධනය කරනවා කිව්වා. හැබැයි අද වෙනකොට මේ පහුගිය පැය 72 ඇතුලත වෙඩි තැබීම් කීයක් වාර්තා වුනාද? ආණ්ඩුව විපක්ෂයේ පස්සේ දුවන් එනකොට, ආණ්ඩුව විපක්ෂය මර්ධනය කරන්න දඟලනකොට, ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන්න මහන්සි වෙනකොට, පාතාලය, සංවිධානාත්මක අපරාධකරුවන් හිස ඔසවනවා.
මම දැක්කා අද මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර පෙරහැර, කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හාමුදුරුවනේ පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකක්ද කරන්නේ? කාවඩි නවත්තනවා. පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න? පොලිස්පතිවරයාට එතරම් තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව සැකයිද? ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්නේ, අහුවෙන්නේ දිසාපතිවරයා. බැනුම් අහන්නේ දිසාපතිවරයා. පොලිස්පතිවරයා ඒකෙත් අත හෝදගන්නවා. ඉතිහාසයේ පළවෙනි වතාවට, යුද්ධය යන කාලෙත් පෙරහැරවල් වල කාවඩි ගියා.
ලාල්ටත් ගෙදර යන්න වෙයි.. වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් සිකුරාදා සිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක්
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු කාලේ, මේ 2009 යුද්ධයේ අවසාන කාලයේ පවා අපේ ගම්වල පෙරහැරවල් වල කාවඩි ගියා. ආණ්ඩුව ඒකට ආරක්ෂාව දුන්නා. ආණ්ඩුව ඒක රැක්කා. ඒ පෙරහැරේ යන බැතිමතුන්ව, බලන්න එන, නැටුම් කණ්ඩායම්, අලියන් ආරක්ෂා කරා. නෙමෙයි නම් ආරක්ෂා කරා, හැබැයි අද ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නම් දෙවිනුවර දේවාලයේ පෙරහැරටත් අත්වුනේ එවැනි ඉරණමක් නම් අපේ හාමුදුරුවනේ, අද සංවිධානාත්මක අපරාධකරුවන් මේ රට පාලනය කරන විදියට ඔබ අපට තව මොන කතාද? ඔබ අපට තව මොන කතාද? පොලිස්පතිවරයා අපිටත් ලියුමක් එවලා ගියා තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගෙන පැත්තකට වෙලා ඉන්න කියයි. ඒ තැනට අද මේ රටේ පුරවැසියාව මර්දනය කරලා තියෙනවා. අද දෙමව්පියෝ හවස වෙනකොට බයේ ඉන්නේ ඩෙංගු නිසා. කඩමන්ඩියට යන්න බයයි, ටවුන් එකට යන්න බයයි, කොයි වෙලාවේ වෙඩි තියාගනීද, මංකොල්ල කයිද කියලා දන්නේ නැහැ.හැබැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති විපක්ෂය මර්ධනය කරන්න තමන්ගේ කාලය වැය කරනවා.