ඇපල් සමාගමෙන් මුළු ලෝකෙටම සුබම සුබ ආරංචියක් - ඇපල් සලකුණ ගැසූ නව ස්මාර්ට් උපකරණයක් වෙළදපලට
ඇපල් සමාගමෙන් පෞද්ගලිකත්වයට මුල්තැන දෙන නව ස්මාර්ට් කණ්ණාඩියක් 2027දී වෙළඳපොළට ඇපල් සමාගම විසින් 2027 වසරේදී නව ස්මාර්ට් කණ්ණාඩියක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්තමානය වන විට වෙළඳපොළේ ඇති මෙවැනි උපාංග මඟින් පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානි පිළිබඳව ලොව පුරා දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බැවින්, ඇපල් සමාගම තම නව නිෂ්පාදනයේදී පරිශීලක පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිම ප්‍රමුඛතාවයක් ලබාදීමට තීරණය කර තිබේ.
දැනට පවතින මෙටා සමාගමේ ස්මාර්ට් කණ්ණාඩි භාවිත කරමින් අන් අයට නොදැනෙන සේ හොර රහසේ ඡායාරූප සහ වීඩියෝ ලබාගැනීමට හැකිවීම නිසා සමාජය තුළ විශාල බියක් සහ විරෝධයක් හටගෙන ඇති අතර, ඇතැම් පිරිස් මේවා හඳුන්වා දී ඇත්තේ අන් අය අපහසුතාවයට පත්කරන උපාංග ලෙසයි.
බ්ලූම්බර්ග් වාර්තාවලට අනුව ඇපල් සමාගම මෙම ගැටලුවලට විසඳුම් රැසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව, මෙම කණ්ණාඩිය මඟින් ලබාගන්නා දත්ත කිසිදු සර්වර් එකකට නොයවා උපාංගය තුළම පමණක් සකස් කරන බැවින් පරිශීලක දත්ත 100%ක්ම ආරක්ෂිත වන අතර, එම පටිගත කිරීම් ඇපල් සමාගමේ කෘත්‍රිම බුද්ධි මාදිලි පුහුණු කිරීම සඳහා යොදා නොගැනීමට ද පියවර ගැනේ.
එමෙන්ම ඡායාරූප හෝ වීඩියෝ ගැනීමට නොහැකි, අවට ඇති දේවල් හඳුනාගැනීමට පමණක් උදව් වන විශේෂ සෙන්සර් සහිත කැමරා පද්ධතියක් ද මෙයට ඇතුළත් විය හැක. මෙම නව උපාංගය 2027 ජූනි මාසයේ පැවැත්වෙන WWDC සමුළුවේදී ප්‍රකාශයට පත්කර එම වසර අගදී වෙළඳපොළට නිකුත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.