ශ්‍රී ලංකාවටම සුබ ආරංචියක් ආයෝජක විශ්වාසය දිනාගනිමින් IIF වාර්තාවෙන් සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වෙයි

Report

ආයෝජක සබඳතා සහ රාජ්‍ය ණය විනිවිදභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති රටවල් අතරට එක්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් වන Institute of International Finance (IIF) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

2026 ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ ඇගයීම් වාර්තාවට අනුව, පසුගිය වසරට සාපේක්ෂව සමස්ත ලකුණු වැඩි වශයෙන් ඉහළ ගිය රටවල් අතර ශ්‍රී ලංකාව, වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව සිය නිල ආයෝජක සබඳතා වැඩසටහන (Investor Relations Program - IRP) 2024 දෙසැම්බර් මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ ආරම්භ කළේය

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට

නැගී එන වෙළෙඳපොළවල් සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් ඇතුළත් කරමින් සිදු කළ මෙම වාර්ෂික ඇගයීමට අනුව, ශ්‍රී ලංකාවේ Investor Relations Country Score අගය ලකුණු 6.3කින් ඉහළ ගොස්, උපරිම ලකුණු 50කින් 43.67ක් දක්වා වර්ධනය වී තිබේ.

ආර්ථිකයේ මූලික ශක්තීන් පිළිබඳ නිවැරදි, පැහැදිලි සහ අඛණ්ඩ තොරතුරු ආයෝජකයන් වෙත ලබාදීම මගින් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළට ප්‍රවේශය, ණය ගැනීමේ පිරිවැය සහ ආයෝජක විශ්වාසය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බව IIF වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම, ආයෝජකයන් සමඟ සක්‍රීය සම්බන්ධතා පවත්වා ගැනීම සහ විනිවිදභාවයෙන් යුතු තොරතුරු හෙළිදරව් කිරීම තුළින් කාලයත් සමඟ ණය ගැනීමේ පිරිවැය අඩු කරමින් වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය අවධාරණය කරයි.

ණය විනිවිදභාවය (Debt Transparency) සම්බන්ධ දර්ශකයේදී ශ්‍රී ලංකාව උපරිම ලකුණු 13කින් 11.25ක් ලබාගෙන ඇති අතර, ණය තොරතුරු හෙළිදරව් කිරීමේ ක්‍රමවේදය වැඩිදියුණු කළ ප්‍රමුඛ රටක් ලෙසද වාර්තාවේ සඳහන් වේ.

තවද, පාරිසරික, සමාජීය සහ පාලන (ESG) දත්ත හා ප්‍රතිපත්ති තොරතුරු ප්‍රකාශයට පත් කිරීමේ අංශයෙන් ශ්‍රී ලංකාව උපරිම ලකුණු 4කින් 3.25ක් ලබාගෙන ඇති අතර, ජාත්‍යන්තර ආයෝජකයන් වෙත අදාළ ප්‍රතිපත්ති තොරතුරු සැපයීමේදී වසරක් තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කළ රටක් ලෙසද හඳුනාගෙන තිබේ.

රාජ්‍ය මූල්‍ය, ණය සහ ප්‍රතිපත්ති සම්බන්ධ තොරතුරු කාලෝචිතව, විශ්වාසදායකව සහ ආයෝජක හිතකාමී ආකාරයෙන් ඉදිරිපත් කිරීම මගින් අවිනිශ්චිතතාවය අඩු කර, ණය ලබා ගැනීමේ පිරිවැය පහත දැමීමට හැකි බවද IIF වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, විනිවිදභාවය පමණක් මූල්‍යමය දුර්වලතා විසඳීමට ප්‍රමාණවත් නොවුවද, පැහැදිලි සහ අඛණ්ඩ සන්නිවේදනය තුළින් රාජ්‍ය ණය කළමනාකරණය ශක්තිමත් කරමින් ආයෝජක විශ්වාසය වර්ධනය කිරීමට සහ ගෝලීය මූල්‍ය අවිනිශ්චිතතා මධ්‍යයේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශය පවත්වා ගැනීමට හැකි වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඩොලරයේ අගය ගැන අද වාණිජ බැංකුවලින් ආපු අලුත්ම නිවේදනය මෙන්න

ඩොලරයේ අගය ගැන අද වාණිජ බැංකුවලින් ආපු අලුත්ම නිවේදනය මෙන්න