මෙහෙම ගියොත් ලංකාවේ අපි හැමෝම ගොඩ - මුළු ලංකාවටම සුබ ආරංචියක් එක්ක ආදායමක් විශාල ලෙස ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවලට අනුව මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා වූ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් බිලියන 475.6ක මුදලක් උපයාගෙන තිබේ.
පසුගිය ජූනි මාසයේදී පමණක් ඉන් රුපියල් බිලියන 50.5ක් උපයා ගැනීමට හැකිවී ඇති අතර, මෙම ආර්ථික වර්ධනය මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආර්ථිකය නංවාලීමට විශාල පිටිවහලක් වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව මෙම වසරේ ජනවාරි මස 01 වන දින සිට ජූලි මස 15 වන දින දක්වා වූ සමස්ත සංචාරක පැමිණීම 1,285,303ක් දක්වා ඉහළ ගොස් ඇත.
එහිදී 325,417ක් වන වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එක්සත් රාජධානියෙන් සංචාරකයින් 123,526 දෙනෙකු පැමිණ තිබේ.
හිටපු අධිකරණ ඇමති හෝ ඔහුගේ පුත්‍රයා ගැන ප්‍රකාශයක් දුන්නොත් ඉතා සතුටුයි - ශ්‍රී ලංකා නීතිඥ සංගමයට චතුරංග කියයි
සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළ සහ ජාත්‍යන්තර මට්ටමින් ලැබෙන යහපත් ප්‍රතිචාර හේතුවෙන් මෙලෙස සංචාරකයින්ගේ පැමිණීම වේගයෙන් ඉහළ ගොස් ඇත.
ජූලි මාසයේ මුල් දින 21 තුළ පමණක් සංචාරකයින් 138,730 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. ඉන් වැඩිම සංචාරකයින් සංඛ්‍යාව වන 31,734 දෙනෙකු (සමස්ත පැමිණීම්වලින් 23%ක්) ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් 14,959ක්, චීනයෙන් 8,484ක් සහ නෙදර්ලන්තයෙන් 8,415ක් වශයෙන් එම කාලසීමාව තුළ මෙරටට පැමිණ තිබේ.