කොහොමද නීතිය - අල්ලස් ගත්තට ඇමතිට මරණ දඩුවම

Report

විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට, අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත මරණ දඬුවම නියම වූ බවයි.

ඒ 2007 සිට 2024 දක්වා විවිධ තනතුරු දරමින් ටැන්ග්, යුවාන් මිලියන 268කට (අමෙරිකානු ඩොලර් මිලියන 37.6) වැඩි මුදලක් සහ දේපළ ඇතුළුව අල්ලස් ලබා ගැනීමේ චෝදනාවටය.

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

අමාත්‍යවරයා තමා සිදු කළ අපරාධ පිළිබඳව පාපොච්චාරණය කර ඇති නිසා මහජන අධිකරණය ඔහුගේ මරණ දඬුවම වසර දෙකකට අත්හිටුවා තිබේ. චීනයේ හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට දූෂණ විරෝධී නිරීක්ෂණ ආයතනය විසින් විමර්ශනයට ලක් කර ඔහු තනතුරෙන් ඉවත් කිරීමෙන් මාස හයකට පසු, 2024 නොවැම්බර් මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය (CCP) විසින් ටැන්ග් නෙරපා හරින ලදී.

ටැන්ග්ගේ විමර්ශනය අසාමාන්‍ය ලෙස වේගවත් වූ අතර හිටපු ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු සහ ඔහුගේ පූර්වගාමියා වූ, වෙයි ෆෙන්ග්හේ සම්බන්ධයෙන් ද ඒ හා සමානව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වස ලැජ්ජාවයි - පූජා නගරේ වදුරන්ට සමාජ රෝග

වස ලැජ්ජාවයි - පූජා නගරේ වදුරන්ට සමාජ රෝග

එමෙන්ම කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස නම් කිරීමට පෙර ටැන්ග් 2017 සිට 2020 දක්වා බටහිර ගන්සු පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් ද කටයුතු කර ඇත.

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා

ලංකාවේ ගාමට් ටිකත් වැහෙනන තැනට,කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා