බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට ඇප
අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අයථා ලෙස රුපියල් ලක්ෂ 360කට අධික වත්කම් හා දේපළ අත්පත් කරගෙන ඇති බවට සැක මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ නමැත්තා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදේශ ගමන් තහනමක් පනවීමටත් අධිකරණය නියම කළේය. මෙම නඩුව ලබන මැයි මස 08 වන දින යළි කැඳවීමටද අධිකරණය තීරණය කර ඇත.
2012 වසරේ ජනවාරි 01 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 36කට අධික වත්කම් හා දේපළ අයථා ලෙස උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේය යන සැක මත අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.