290 දෙනෙක් මරු කටට යැවූ බිහිසුණු ගුවන් අනතුරෙන් බේරුණු ඔහු කියපු සංවේදී කතාව

India Plane Crash Sinhala news Breaking News Ahmedabad
By Kaushi Jun 13, 2025 01:20 AM GMT
Kaushi

Kaushi

Report

කඩා වැටී මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් ඊයේ (12) දින පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය වාර්තා සුබාරංචියක් වාර්තා කර ඇත.

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල

ගුවන් අනතුරේ අසන්නට ලැබුණ සංවේදී කතාව - වසර හයක සිහිනය සමග ගිය පුංචි පවුල

ඒ එහි සිටි එක් මගියෙකු දිවි බේරාගන ඇති බවටයි.

අනතුර සිදු වී පැය කිහිපයකට අනතුරුව ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය රැසක්ම ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවට තහවුරු කරනු ලැබවා.

එසේ වුවත් එම 11A ආසනයේ සිටි මගියා මේ වනවිට දිවි බේරාගෙන ඇති බව වාර්තා වෙනවා. මේ ආකාරයට මරණයෙන් දිවි බේරාගෙන සිටින්නේ ඉන්දීය සම්බවයක් සහිත විශ්වාෂ් නැමති වයස අවුරුදු 40ක බ්‍රිතාන්‍ය ජාතිකයෙක් බව සඳහන්.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඒ අනුව ඔහු සිය පවුලේ අය බැලීමට දින කිහිපයකට ඉන්දියාවට පැමිණ ඇති බව පවසයි.

ඉන්පසු නැවත තම සහෝදරයා ද සමග ඔහු එක්සත් රාජධානිය වෙත යමින් සිටියදී මෙම බිහිසුණු අනතුරට මුහුණ දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට ඔහු අහමදාබාද්හි අසාර්වා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි. විශ්වාස්ගේ පපුවේ, ඇස්වල සහ පාදවලට තුවාල සිදුව ඇති බව වාර්තා වේ.

ඔහු අනතුර පිළිබඳවද පවසා තිබුණේ මෙලෙසින්,

"ගුවන් ගතවී තත්පර තිහකට පසු විශාල ශබ්දයක් ඇති වුණා. ඒ සමග යානය කඩා වැටුණා. ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදුවුණා" 

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

අද මේ අයට වෙන්න යන දේ අපිට හිතාගන්නවත් බෑ

GalleryGalleryGallery
ReeCha