හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් අත්අඩංගුවට

Report

අද (22) අලුයම 2.50ට පමණ කැනඩාවේ සිට දෝහා හරහා කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී හෂීෂ් ග්‍රෑම් 18,123ක් තිබී සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින්.

එහි වටිනාකම රු මිලියන 181ක් පමණ බව ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර ඇත්තේ.

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි කැනේඩියානු ජාතික කාන්තාවකි.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදුකරමින් සිටින අතර සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිත බවයි. 

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි

දේශබන්දු චෝදනාවන්ට වරදකරු බවට තීන්දු වෙයි