රට රැකියා සඳහා යන අයට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැනුවත් වන්න..

Sri Lanka
By Aruna Jan 09, 2023 06:44 AM GMT
Aruna

Aruna

Report

විදේශ රැකියාවලට යාමට ඒජන්සි ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තොරතුරු ලබාගන්නා ලෙස ජනතාවට දැනුම්දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුලභාවය තහවුරු කරගත හැකිය.

මේ අතර, නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් කොටුකර ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව එම වැටලීම සිදුකර ඇත.

එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණියන් දෙදෙනෙකු සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත.

පසුව රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු, විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවී ඇති අතර, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රු 450,000ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙසට නියෝග කර විදේශ ගමන් තහනමක්ද හිමිකරුට හා කළමනාකරුට, පනවා ඇත.

මේ අතර කුවේට් රාජ්‍යයේ ගොවිපළක බලහත්කාරයෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු අද (09) අලුයම දිවයිනට පැමිණ තිබේ.

බලහත්කාරයෙන් රඳවා සිටි ඔවුන් මේ සම්බන්ධයෙන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව අදාළ පිරිස යළි මෙරටට එවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඔවුන් ත්‍රිකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අදාළ පිරිස කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් රැකියා සඳහා කුවේටය වෙත ගොස් ඇති බවට අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now