ලබන මාර්තු සිට මෙරටින් විදෙස් රටවලට යවන විශාල පිරිසකගේ ගමන නතර කරයි.

Manusha Nanayakkara Sri Lanka
By Aruna Dec 18, 2022 11:06 PM GMT
Aruna

Aruna

Report

එළඹෙන වසරේ මාර්තු සිට ගෘහ සේවිකාවන් විදෙස්ගත කිරීම නතර කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාපවසනවා.

ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහ පාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් විදේශ සේවා නියුක්ත කාර්යංශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශගත වූ වූයේ මෙම වර්ෂයේ බවයි.

එම පිරිස ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස තමන් රාජකාරිය ආරම්භ කරන විට මාසිකව දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් ප්‍රමාණය තුන්සියයත් හාරසියයත් අතර වූ බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර මෙහිදී සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් හයදහස් එකසිය විසි දෙනෙකු රැකියා සඳහා දකුණු කොරියාව වෙත පිටත්ව ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

2004 වර්ෂයෙන් පසු වැඩිම පිරිසක් කොරියාව බලා පිටත්ව ගියේ මෙම වසරේ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ විදෙස්ගත වූ පිරිස අතුරින් වැඩිම පිරිසක් කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිස හැත්තෑ හය දහස් පන්සිය හැත්තෑ නවයක්.

හැට නව දහස් නවසිය අනූ තුන් දෙනෙකු කටාර් රාජ්‍ය වෙත ද, පනස් එක් දහස් හාරසිය විසි එක් දෙනෙකු සෞදි අරාබිය සඳහා ද මෙම වසරේ පිටත්ව ගොස් ඇති බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now