රට යන්න ඉන්න අයට විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 12, 2022 06:45 AM GMT
Aruna

Aruna

Report

රුපියල් කෝටියකට අධික මූල්‍ය වංචා කළ කාන්තාවක් සංචාරක වීසා යටතේ මැලේසියාවේ රැකියා ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුව මත පුද්ගලයින් පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50ක් රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

සංචාරක වීසා මගින් මැලේසියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපළට පසුගිය දෙසැම්බර් 4 වැනිදා පැමිණි පිරිසකගේ ලිපි ලේඛන සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ගුවන් තොටුපලේ නිලධාරීන් පිරිසගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔවුන් රැකියා සොයා සංචාරක වීසා යටතේ මැලේසියාවට යාමට සූදානම්ව සිටි බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ කාන්තාවක් මුදල් ලබාගෙන ඔවුන්ගේ ගමන් බිමන් සඳහා වීසා සංවිධානය කර ඇති බවයි.

SLBFE හි විමර්ශන නිලධාරීන් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට පැමිණ ඇතත් ඇය පලා ගොස් ඇති බව වාර්තා වේ.

පසුව එම නිලධාරීන් එම කාන්තාවගේ පුත්‍රයාට දන්වා ඇත්තේ විමර්ශනයට අදාළව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තා කරන ලෙසයි.

ඉන් අනතුරුව එම කාන්තාව සිය සැමියා සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට භාර වී අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රශ්න කිරීම් සඳහා තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටි ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

වින්දිතයන්ගෙන් වංචා කළ මුදල් ආපසු ලබා දීමට සැකකරු අධිකරණයේදී එකඟ වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now