කොළඹින් නරක ආරංචියක් - ගනුදෙනුකරුවන් කළඹමින් බිලියන 25ක විදෙස් ආයෝජන ඉවතට

Report

ඉකුත් අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් වෙළඳපොළේ විදේශීය ආයෝජන හැසිරීම සහ දර්ශකයන්ගේ වෙනස්වීම් පිළිබඳ වාර්තාවක් ඇම්බියොන් සිකියුරිටිස් සමාගම විසින් නිකුත් කර ඇත.

එම වාර්තාවට අනුව අප්‍රේල් මාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙන් ඉවතට ගලා ගිය ශුද්ධ විදේශීය ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.33ක් වශයෙන් සඳහන්.

එසේම එම මාසයේ ගනුදෙනු සිදු වූ දින අතුරින් දින තුනක් හැර සෙසු සෑම දිනකදීම වාර්තා වී ඇත්තේ විදේශීය ආයෝජන පිටතට ගලායාමක් බව වාර්තා වේ.

අද තෙල් මිලෙන් ජාත්‍යන්තරය කැළඹෙයි - ආයෙත් බොරතෙල් මිල අහස උසට

අද තෙල් මිලෙන් ජාත්‍යන්තරය කැළඹෙයි - ආයෙත් බොරතෙල් මිල අහස උසට

එබැවින් 2026 වසරේ මුල් මාස හතර අවසානයේදී වාර්තා වන සමස්ත ශුද්ධ විදේශීය ආයෝජන පිටතට ගලායාම රුපියල් බිලියන 25.13ක් ලෙස සඳහන්.

එහෙත් විදේශීය ආයෝජන ඉවතට ගියද, අප්‍රේල් මාසය තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 6.78ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ඊට අමතරව S&P Sri Lanka 20 දර්ශකයද සියයට 5.65ක ඉහළ යාමක් වාර්තා කර ඇති බව සඳහන්.

කෙසේ වුවත් අප්‍රේල් මාසයේ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 3,655ක් වශයෙන් සටහන් වූ අතර, එය මාර්තු මාසයේ වාර්තා වූ රුපියල් මිලියන 4,706ක පිරිවැටුම හා සැසඳීමේදී සියයට 22ක පසුබෑමක් වේ.

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

තවත් බරපතළ ටෙන්ඩර් චෝදනාවක් - ගල් අඟුරුවලට වගේම මත්පැන් බෝතලේටත් විඳින්නද යන්නේ

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත විශේෂ නිවේදනයක් - ජූනි 30න් අවසන්

නැවතත් එල්ලිනෝ තත්ත්වයක් - විශේෂ හෙළිදරව්වක්

නැවතත් එල්ලිනෝ තත්ත්වයක් - විශේෂ හෙළිදරව්වක්