ශ්‍ර්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් සුබ ආරංචියක් - විදේශීය සහය
ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීම සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වෙනුවෙන් අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ හා උපකරණ ලබාදීම සම්බන්ධයෙන් විදේශීය නියෝජිත පිරිසක් සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ අනුව Asian Logistic ආයතනයේ සභාපති සනිල් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම සාකච්ඡාවට එංගලන්ත හා පිලිපීන ජාතික නියෝජිත පිරිසක් සහභාගී වී තිබෙනවා.
එහිදී ශ්‍ර්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් වඩාත් නවීන හා ප්‍රායෝගික පුහුණු පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින්, වෘත්තීය අධ්‍යාපන ආයතනවල පන්තිකාමර නවීකරණය කිරීම සහ අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ හා උපකරණ ආධාර ලෙස ලබාදීමට තමන් කැමැත්තෙන් සිටින බව විදේශීය නියෝජිත පිරිස පැවසූ බව සඳහන්.
මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්
ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සකස් කර ඉදිරි කටයුතු සිදුකරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා සිය පෞද්ගලික ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී ඇත.
තවද මෙරට ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද විදේශීය නියෝජිත පිරිස කැමැත්ත පළ කර තිබෙනවා.