දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්
ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන වයස අවුරුදු 12ට අඩු කුඩා දරුවන් සඳහා 2026 ඔක්තෝම්බර් මස 1 වැනි දින නොමිලේ ඇතුළුවීමට අවස්ථාව සලසා දී ඇත.
එසේ පැමිණෙන දරුවන් සඳහා මෙවර ලෝක ළමා දිනයේදී විශේෂාංග සහ විස්මිත අත්දැකීම් රැසක් සූදානම් කර ඇති බවත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.