06 වෙනි වරටත් රැස්වූ ආහාර සුරක්ෂිතතා කමිටුව

Report

රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස් විය.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම කමිටුව රැස්ව තිබුණි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

උද්ධමනයේ වෙනසක් - මොකද්ද මේ වෙනස

උද්ධමනයේ වෙනසක් - මොකද්ද මේ වෙනස

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සජිත්ගේ ශෝකය

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව සජිත්ගේ ශෝකය