ආහාර විෂ වීමෙන් රෝහල් ගතකළ පාසල් ළමුන්
By Sewvandhi
පොලීසිය පැවසුවේ රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවය.
මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර ඇත.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති බවයි.
කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය