තෑගි කළ ඇත්තු දෙන්නා නැවත තායිලන්තටම ගෙන්වා ගන්න යයි

Report

තායිලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට එරට රජයේ අවධානය යොමු වී ඇත.

Plai Pratu Pha සහ Plai Srinarong යන නම්වලින් මෙම ඇත්තු දෙදෙනා හඳුන්වයි.

ඒ අනුව, ඔක්තෝබර් 28 වැනි දින ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

වැඩි වෙලාවක් උගන්නන්න බෑ - පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු - විදුහල්පති විරෝධය

වැඩි වෙලාවක් උගන්නන්න බෑ - පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු - විදුහල්පති විරෝධය

  

ඉන් එක් ඇතෙකු වයස අවුරුදු 12 දී 1979 දී තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කරන ලද පළමු ඇත් පැටවා වන බව ද සදහන් වෙයි.

ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අයහපත් සැලකිල්ල හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වැඩි දුරටත් සදහන් වේ.

2023 වසරේදී ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට නැවත රැගෙන ගිය Plai Sak Surin නොහොත් 'මුතුරාජා' හස්තියා මෙරටින් රැගෙන යෑමට අනුගමනය කරන ලද ක්‍රියාවලියම මෙම ඇතුන් දෙදෙනා රැගෙන යෑමට ද භාවිතා කිරීමට සූදානම් බව සදහන් කර තිබේ.

ලසන්තට පස්සේ සජබේ ජගත්ටත් මරණ තර්ජන - ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරයි

ලසන්තට පස්සේ සජබේ ජගත්ටත් මරණ තර්ජන - ආරක්ෂාව ඉල්ලා මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව දෙවනක් කරයි