වැඩි වෙලාවක් උගන්නන්න බෑ - පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමට ගුරු - විදුහල්පති විරෝධය
By Shehan
2026 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කර ඇත.
අද (24) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ගුරු - විදුහල්පති සංගම් ප්‍රකාශ කළේ, 2025 නොවැම්බර් 7 වනදාට පෙර පාසල් පැවැත්වීමේ කාලය සංශෝධනය කිරීමට ආණ්ඩුව ක්‍රියාමාර්ග නොගන්නේ නම්, පාසල් වාරය ආරම්භ වූ වහාම එක්දින වර්ජනයකට එළඹෙන බවයි.