තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළ දමයි.වැඩි වන ආකාරය මෙන්න.

price gas milk powder flour lasantha alagiyavanna
By Sewvandhi Oct 11, 2021 04:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා.

එමෙන්ම කිලෝ පණහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 93 කින් ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 1,098 ක්. මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,005 ක් ලෙස පැවතියා.

මීට පෙර , ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් වැඩිකර තිබේ.

එහි නව මිල වන්නේ රුපියල් 2,750කි. එසේම කිලෝ 5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද කිලෝ 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද වැඩි කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝ 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝ 2.5 ක සිලින්ඩරයක් රුපියල් 520ක් වේ. මෙම නව මිල මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව එම සමාගම පැවසීය.

එමෙන්ම , ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ. එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now