ගම්පහ ජනතාවට මෙන්න විශේෂ නිවේදනයක්
By Kanchana
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඉදිරි පැය 6ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලුඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීමට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්න නගරයේ වෙළෙඳසැල් හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් එම වර්ෂා තත්ත්වය සහ අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය සිදුකර මෙම නිවේදනය සිදු කර තිබේ