රන් සාප්පුවත් එක්කම ගංවතුරට ගහන් ගියත් හාස්කමකින් වගේ හිමිකරුටම ලැබුණු රත්තරන් සේප්පුව

Report

මා ඔය පිටාර ගැලීමත් සමඟ සම්පූර්ණයෙන්ම යට වූ ගිරිඋල්ල නගරයෙන් විශේෂ පුවතක් වාර්තා වේ.

මෙම පුවත වාර්තා වූයේ නිව් රන්මුතු ජුවලස් හිමිකරු ලලිත් නව රත්න මහතාගෙන්.

පසුගිය 28 වන දින පැවති අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල නගරයේ වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන ඇතුළු නිවාස විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබුණා.

එහිදී ඇඳිවතට පමණක් සීමා වූ ගිරිඋල්ල නගරයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට සිදු වූ පාඩුව සහ හානිය වචනයට නැගිය නොහැකි බව ලලිත් නවරත්න මහතා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මණ්ඩල‍යෙන් විශේෂ දැනුවත් කිරීමක්

විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මණ්ඩල‍යෙන් විශේෂ දැනුවත් කිරීමක්

"මගේ රන් භාණ්ඩ වෙළඳසලේ කිලෝ 500 ක් බර සහා කිලෝ 2000 ක් බර සේප්පු දෙකක් තිබුණා. ජලය වැඩි වෙනවාත් සමග රන් භාණ්ඩ සියල්ල ඒ සේප්පු දෙකට දැම්මා ආපු වතුර පාරේ සැරකමට සේප්පු දෙකම ගහගෙන ගිහිල්ලා, වතුර බැස ගියාට පසුව මම ඇවිත් වෙළදසැලේ තිබුන භාණ්ඩ පිළිබඳව සොයා බැලූවා. වෙළඳ සැල ඇතුළේ ඇනයක්වත් ඉතුරු වෙලා තිබුණ නැහැ. රුපියල් ලක්ෂ 25 ක් විතර වටින උපකරණ ඇතුළු භාණ්ඩ සේරම වතුරේ ගහගෙන ගිහිල්ලා, මා ඔය ආසන්නයේ ඇති සෙලාන් බැංකුව පිටුපස පස් කන්ඩියට හිරවෙලා සේප්පු දෙක තිබුණා. පොඩි සේප්පුවේ දොර ඇරිලා ඒකෙ තිබුන රුපියල් ලක්ෂ 15 ක් විතර වටිනා රන් භාණ්ඩ, වැණික් ගල්, රිදී භාණ්ඩ වතුරේ ගහගෙන ගිහිල්ලා, ලොකු සේප්පුවේ දොර ඇරිලා නෑ ඒකේ තිබුන රුපියල් ලක්ෂ 15 ක් පමණ වටින රන් භාණ්ඩ සමග සේප්පුව ලැබුණා. මම හිතන්නේ එකත් ලොකු දෙයක්, ව්‍යාපාරයේ තිබුණ සියලු දේවල් මා ඔයට බිලි වුණ මට සේප්පුවේ තිබුන රත්තරන් බඩු ටික හරි ලැබුන එකත් ලොකු අස්වැසිල්ලක්"

ගංවතුර හේතුවෙන් මී උණ අවදානම ඉහළ යාමත් සමඟ නොමිලේ මී උණ පෙති

ගංවතුර හේතුවෙන් මී උණ අවදානම ඉහළ යාමත් සමඟ නොමිලේ මී උණ පෙති

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්

රටම බය වුණ ඊළඟ සුළි කුණාටුව ගැන විශේෂ නිවේදනයක්