ගංවතුර හේතුවෙන් මී උණ අවදානම ඉහළ යාමත් සමඟ නොමිලේ මී උණ පෙති
ගංවතුර හා ආපදා තත්ත්වයට මුහුණ දුන් ප්‍රදේශවල මී උණ (Leptospirosis) ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මී උණ වැළැක්වීමේ පූර්ව ප්‍රතිකාර ඖෂධය වන Doxycycline 200mg මාත්‍රාව නොමිලයේ බෙදාහැරිමට කටයුතු යොදා ඇත. ගංවතුරට හෝ ජලයෙන් බැඳුණු ප්‍රදේශවලට බැස ඇති සියලුම පුද්ගලයින් මෙම ඖෂධ මාත්‍රාව ලබාගෙන වහාම ප්‍රතිකාර ගැනීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි.
විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ,
“ගංවතුරට මුහුණ දුන් සෑම අයෙකුටම මී උණ වැළඳීමේ අවදානමක් ඇත. එබැවින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විටත් ප්‍රදේශවලට ගොස් අවශ්‍ය අයට මෙම ඖෂධය බෙදාහරිමින් සිටිනවා. එය වෛද්‍ය උපදෙස් මත පමණක් ගත යුතුයි”
යනුවෙනි.
ඔබට හෝ ඔබේ අසල්වැසියන්ට මෙම පූර්ව ප්‍රතිකාරය අවශ්‍ය නම්, ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතා ලබාගත හැකි බව වෛද්‍ය දඹරේරා මහත්මිය සඳහන් කළාය.
එසේ වුවත්, Doxycycline 200mg ගත් පසුවද උණ, මාංශ පේශි වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම ආසන්නතම රෝහලට යොමු වී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසද ඇය අවධාරණය කළාය.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ, මෙලෙස වගකීමෙන් හා කල්තියා ප්‍රතිකාර ගැනීමෙන් ගංවතුරින් පසු ඇතිවිය හැකි මී උණ ව්‍යාප්තියෙන් සාර්ථකව ආරක්ෂා විය හැකි බවයි.