විය හැකි අවදානම් තත්ත්වයක් ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විය හැකි අවදානම් තත්ත්වයක් ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Flood Risk In Sri Lanka 29Th May 2024

ඒ අද (29) දිනයේත් අධික වැසි පතිත වුවහොත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, ඇලපාත, පැල්මඩුල්ල හානිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් මතුවිය හැකි බවයි.

මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළුවන බැවින් නැවත දැනුම්දෙන තුරු මුහුදේ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබීය.

මේ වන විට අහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇත.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර කෑරගල ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ මිලිමීටර 135.2ක අගයක් ය.

එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS)

එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS)


එමෙන්ම, අධික වැසි සමඟ දිස්‍ත්‍රික්ක රැසක පහත්බිම් තවමත් ජලයෙන් යටව පවති.

කෙසේ වෙතත්, කළුගඟ රත්නපුර දිස්ත්‍රික්කයෙන් පිටාර මට්ටම ආසන්නයට පැමිණ ඇති බැවින් අද දිනයේත් නොකඩවා වැසි පතිත වුවහොත් රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.