එකපාරටම අහසින් කඩා වැටුණ දුගඳ හමන බැලුන්.. ඇතුළේ අසූචි ද?. (PHOTOS)
By krishani
දකුණු කොරියාවේ දේශ සීමාවලට අයත් ප්‍රාන්ත දෙකක් ඉලක්ක කර ගනිමින් කසළ රැගත් බැලුන් බිම හෙළා තිබෙනවා.
එලෙස බැලූන 260ක් පමණ බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම බැලුන සහ ඒවාට සවි කර ඇති ප්ලාස්ටික් බෑග් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දකුණු කොරියානු හමුදාව එරට මහජනතාවට සඳහන් කර තිබෙනවා.
මෙම බැලූන දකුණු කොරියාවේ ජියෝන්ග්ගි සහ ගන්ග්වෝන් පළාත්වලින් සොයාගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම බැලූන් ප්‍රදේශයේ බලධාරීන් විසින් වැඩිදුරටත් විශ්ලේෂනය කරමින් පවතින බව වාර්තා වේ.