මේ ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ගංවතුර තත්ත්වයක් ප්‍රකාශ කරයි

Report

 අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

ඒ අනුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට දැනුම්දෙයි.

මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අදාළ පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ මාර්ග භාවිතා කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු අතර, ඇතිවිය හැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී තිබේ.

ප්‍රදේශයේ පවතින වර්ෂාපතනය තවදුරටත් පැවතුණහොත් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් නිල නිවේදන කෙරෙහි අවධානය යොමු කරන ලෙස ජනතාවගෙන්  ඉල්ලා සිටිති.

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

මේ ප්‍රදේශවලට නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ - විශේෂ හෙළිදරව්වක්

කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ - විශේෂ හෙළිදරව්වක්