මෙම තහනම නැවත දැනුම්දෙනතුරු බලාත්මකයි - නිකුත් කරන නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමු කරන්නැයි විශේෂ දැනුම්දීමක්

Report

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

කෙසේ වෙතත් එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය වී ඇති බවයි.

එහෙත් පුත්තලම සිට පොතුවිල් දක්වා වූ මුහුදු තීරයේ තවදුරටත් දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවයක් ගෙන ඇති බව ඔහු අවධාරණය කළා.

එබැවින් පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදේ රැකියාවේ නිරත වන කුඩා හා එක්දින ධීවර යාත්‍රා සඳහා පනවා ඇති තහනම නැවත දැනුම්දෙනතුරු බලාත්මක බව දැනුම් දෙයි.

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

දිවයිනේ සියලුම රජයේ පාසල්වලට විශේෂ දැනුම්දීමක් - හෙට මේ පාසල් වසයි

එසේම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මුහුදේ ස්වභාවය යහපත් වූ වහාම මෙම තහනම ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර ඉකුත් දින කිහිපය තුළ කාලගුණ නිවේදන නොසලකා මුහුදු ගිය මන්නාරම, කල්පිටිය, හලාවත සහ මීගමුව ප්‍රදේශවල ධීවරයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය කණගාටුව පළ කර ඇත.

එබැවින් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳව දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඕනෑම ප්‍රදේශයක රැකියාවේ නිරත වන විට අනිවාර්යයෙන්ම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින ලෙසත් නැවතත් අවධාරණය කර තිබෙනවා.

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

ලංකාවට තවත් නරක ආරංචියක් - පැසිෆික් මුහුදේ ටයිෆූන් සුළි කුණාටුව නිසා 6 වෙනිදයින් පස්සේ වෙන දේ - දිවයිනටම රතු එළියක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න