කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්..

Report

මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල අද සවස් කාලය දක්වා යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ඇති වන අතර මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතිනවා.

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

මේ අතර උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඊට අමතරව අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.