වැඩබලන OICට මාසපතා අමතර පඩියක් දෙන්න ගිය අයෙක්ට සිදුවූ දේ..

Report

අල්ලස් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු මට්ටක්කුලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (16) දිනයේ මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිට පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී එම පොලිස් බලප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් ..

සැකකරු ඒ සඳහා මසකට රුපියල් 100,000/= ක අල්ලස් මුදලක් ලබා දීමට කැමති බවත් වැඩබලන ස්ථානාධිපතිට පවසා තිබේ.

ඒ අනුව, වැඩබලන ස්ථානාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කර ඇත.

මොකක්ද මේ මහ ඡන්දෙන් ඇහෙන රුපියල් දහයේ කතාව..

මොකක්ද මේ මහ ඡන්දෙන් ඇහෙන රුපියල් දහයේ කතාව..

වැඩබලන ස්ථානාධිපතිවරයා සැකකරු පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර එහිදී සැකකරු විසින් රුපියල් 50,000ක මුදලක් වැඩබලන ස්ථානාධිපතිවරයා ලබා දීමට උත්සාහ කිරීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.