ආයේ සාලයෙක්වත් කන්න වෙන් නෑ - නොසිතූ මාළු හිඟයත් සමඟ මාළු මිල ශීඝ්‍රයෙන් ඉහළට
ඉකුත් වසරවලට වඩා මෙම වසරේ මාළු තොග මිල විශාල වශයෙන් වැඩිවී ඇති බව පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කරයි.
ඒ ඉන්ධන මිල ගණන් ඉහළ යාමත් මේ වනවිට මුහුදේ පවතින වාරකන් තත්ත්වයත් හේතුවෙන් බව සඳහන්.
එබැවින් සාලයා කිලෝවක් රුපියල් 900 දක්වාත්, හුරුල්ලා කිලෝව රුපියල් 1300 ත්, තලපත් කිලෝව රුපියල් 2200 ක්, කොප්පරා කිලෝව රුපියල් 2400 ක්, කෙළවල්ලා කිලෝව රුපියල් 2000 ක්, බලයා කිලෝවක් (ලොකු) රුපියල් 1400 දක්වාත්, බලයා (පොඩි) රුපියල් 1000 දක්වාත්, කුම්බලා කිලෝව රුපියල් 1500 දක්වාත්, දැල්ලා කිලෝව රුපියල් 2000 දක්වාත් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි.
මේ මාසෙන් ඉන්ධන සහනාධාරය අවසන්.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තෙල් ගැන රටම බය වෙන විදිහේ අනාවරණයක්
කෙසේ වෙතත් මෙසේ තොග මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාමත් සමඟ වෙළෙඳාමද බරපතළ ආකාරයෙන් කඩා වැටී ඇති බව ද වික්‍රමාරච්චි මහතා පෙන්වා දෙයි.
තවද මාදැල්වලින් මසුන් ඇල්ලීම තහනම් කර ඇති බැවින් කුඩා බෝට්ටු මඟින් සාලයා වැනි මාළු ඇල්ලීමත් සීමාවී තිබෙන බව පැවසූ සභාපතිවරයා මේ හේතුවෙන් සාලයා මිල ගණන්ද දරාගත නොහැකි තරම් වැඩිවී ඇති බව ප්‍රකාශ කළා.
මේ අතර සෑම වසරකම මැයි, ජුනි මාසවල වාරකන් හේතුවෙන් මාළු මිල ගණන් යම් පමණකින් ඉහළ යන බවත් මෙවර නොසිතූ තරමට මාළු හිඟවීමත් සමග මාළු මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේ වුවත් එළඹෙන 29 වැනිදාට යෙදෙන පොසොන්වලින් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් මාළු මිල යළි පහළ යනු ඇති බව විශ්වාස කරන බවද ඔහු පවසයි.