"සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" උදෙසා සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත අද ජනතාවට..

Sri Lanka Politician Sri Lanka Udaya Gammanpila Election
By Piyumika Jul 06, 2024 10:16 AM GMT
Piyumika

Piyumika

Report

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනතාව හමුවේ එළිදැක්වීම අද (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී සිදුකෙරුණි.

අවසන් සැලැස්ම එළිදැක්වීම සිදු කරන්නේ මේ සඳහා ජනතා අදහස් එක්කර ගැනීමෙන් පසුව බවයි දැනුම් දී තිබෙනුයේ.

ලන්ඩනයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී..

ලන්ඩනයේ ප්‍රථම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී..

''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්'' යන්න මෙම වැඩපිළිවෙළේ තේමාව වේ.

සර්වජන බලය, උපාය මාර්ගික වැඩපිළිවෙළේ ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කෙරෙන පළමු කෙටුම්පත එළිදැක්වීම මෙය වූ අතර මෙම අවස්ථාවට සර්වජන බලය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල නායකයන් එක්විය.

සෑම ක්ෂේත්‍රයකම ක්‍රියාත්මක කිරීමට යෝජිත සංශෝධන මෙම උපායාමර්ගික වැඩපිළිවෙළ තුළ විස්තරාත්මකව ඇතුළත් කර තිබේ.

රක්ෂිතයේ දර කඩන්න ගිහින් අතුරුදහන් වූ තිදරු පියා කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටියදී හමුවේ..

රක්ෂිතයේ දර කඩන්න ගිහින් අතුරුදහන් වූ තිදරු පියා කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටියදී හමුවේ..

අධ්‍යාපන සැලැස්ම යටතේ සහජ ශ්‍රී ලාංකේය සාරධර්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ශක්තිමත්, ගතික සහ නව්‍ය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට යෝජනා කර ඇත.

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය රැකවරණයක් සහතික කෙරෙන ක්‍රියාශීලී කළමනාකරණය හා තාක්ෂණය මත පදනම් වූ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රතිපත්ති සමූහයක් යෝජිතය.

සුහුරු පාලනය අනිවාර්ය අංගයක් බවට පත්වන උසස් තාක්ෂණික ප්‍රවේශයක් සමගින් ශක්තිමත් පරිපාලන පද්ධතියක් රාජ්‍ය පරිපාලනය ශක්තිමත් කිරීම සඳහා යෝජනා කර තිබේ.

බිලිඳාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද..(VIDEO)

බිලිඳාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද..(VIDEO)

සර්වජන බලය උපාය මාර්ගික වැඩපිළිවෙළ තුළ ජාතික ආරක්ෂාවට ඉහළ තැනක් හිමි වන අතර ඒ අනුව රාජ්‍යතාන්ත්‍රික භාවය, බුද්ධි තොරතුරු සහ තාක්ෂණය මත පදනම් වූ ඒකාබද්ධ ආරක්ෂක උපායමාර්ගයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහතික කිරීමට අපේක්ෂිතය.

සර්වජන බලයේ ආර්ථික සැලැස්ම වන්නේ ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ උපායමාර්ගික ආයෝජන මගින් මෙහෙයවනු ලබන ගෝලීය වශයෙන් තරගකාරී, ගතික, අභියෝගයන්ට මුහුණ දිය හැකි නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කිරීමය. මෙහිදී ජනතාව තුළ ඇති යැපුම් මානසික්තවය දුරුකරමින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය මගින් පුරවැසියන් සවිබල ගන්වන යාන්ත්‍රණයක් ඇතිකිරීමෙන් සමාජ සුබසාධනය තහවුරු කිරීමට යෝජනා කර තිබේ.

කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ නාස්තිය අවම කරමින්, නැවුම් තාක්ෂණය මුසු කරමින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය හා නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. එසේම නවෝත්පාදනයා හා ඉහළ ඵලදායිතාව මත ගුණාත්මක රැකියා අවස්ථා බිහි කරමින්, ආනයන මත යැපෙන ආර්ථිකය අවම කිරීමට සැලසුම් කෙරෙයි.

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

සර්වජන බලය උපායමාර්ගික වැඩපිළිවෙළ යටතේ වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ කිහිපයක්ද හඳුන්වා දී තිබේ. විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකියන - අධිකරණයට යටත් ධුරයක් කිරීම, තාර්කික ක්‍රමයකට විෂයන් බෙදා උපරිම වශයෙන් කැබිනට් අමාත්‍ය ධුර 25ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර 35ක් දක්වා සීමා කිරීම, මන්ත්‍රීවරුන්ගෙන් 70% ක් කොට්ඨාස මට්ටමින් හා 30%ක් සමානුපාතික ක්‍රමයට තෝරාගන්නා නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම ඒ අතරට අයත් වේ.

මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කර ජනතා අදහස් ගෙන අවසන් කෙටුම්පත සකස්කිරීමට සර්වජන බලය සැලසුම් කර ඇත.