බිලිඳාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද..(VIDEO)

Report

කිරි හිරවීම හේතුවෙන් මාතර - කොටවිල නව මාතෘ රෝහල වෙත රැගෙන ආ බිළිඳෙකු භාර නොගැනීම නිසා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

මොකක්ද මේ ලබන සතියේ කරන්න යන විශේෂ වැඩේ..

එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාලගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ පාලනාධිකාරිය විසින් මෙම පරීක්ෂණය සිදුකරනු ඇත.

බ්‍රිතාන්‍ය නව කැබිනෙට්ටුව..

බ්‍රිතාන්‍ය නව කැබිනෙට්ටුව..

කිරි හිරවීම හේතුවෙන් පසුගිය 3 වනදා අලුයම මාතර - කොටවිල නව මාතෘ රෝහල වෙත රැගෙන ආ මාස දෙකක් වයසැති බිළිඳා භාර නොගෙන මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන ලෙස ප්‍රකාශ කර තිබුණි .ඒ, මෙම නව රෝහල තුළ හදිසි ප්‍රතිකාර ඒකකයක් නොමැති බැවිනි.

මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..

මිතුරිය ගෙනවිත් දුන් අපූරු දේ කාපු මිතුරන්ට උන ඇබැද්දිය..

කෙසේ වෙතත් එම බිළිඳා මාතර මහ රෝහල වෙත රැගෙන යනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි නිවුන් දරුවන් දෙදෙනෙකුගෙන් වැඩිමහල් දරුවායි.