රක්ෂිතයේ දර කඩන්න ගිහින් අතුරුදහන් වූ තිදරු පියා කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටියදී හමුවේ..

By Piyumika Jul 06, 2024 09:02 AM GMT
Report

බගවන්තලාව සමනල රක්ෂිතයේ දර සෙවීමට ගොස් අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව රක්ෂිතය තුල සිටියදි සොයාගත් බව බගවන්තලාව පොලිසිය පවසන ලදි.

බගවන්තලාව ටින්සින් වතුයායේ පදිංචි 59 හැවිරිදි තිදරු පියෙකු ඊයේ (05) පස්වරුවේ පදිංචිව සිටින නිවසට ඉහලින් පිහිටි සමනළ රක්ෂිතයට දර සෙවිමට ගොස් තිබේ .

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලූ පිරිසකට මෙන්න සතුටුදායක ආරංචියක්..

වැටුප් වැඩි කරන්නැයි ඉල්ලූ පිරිසකට මෙන්න සතුටුදායක ආරංචියක්..

දර සෙවීමට ගිය පුද්ගලයා ආපසු නිවසට නොපැමිණි නිසා ඔහුගේ දරුවන් සහ එම වතුයායේ පදිංචිකරුවන් එක්ව ඊයේ (05) සමනළ රක්ෂිතයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළත් අතුරුදහන් වු පුද්ගලයා සොයා ගැනිමට නොහැකි වී තිබේ .

බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ වතුයායේ පදිංචිකරුවන් එක්ව අද (06) උදැසන එම රක්ෂිතයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදහන්ව සිටි පුද්ගලයා ආපසු නිවසට පැමිණිමට මාර්ගය සොයාගැනිමට නොහැකිව රක්ෂිතය තුළ සිටියදී සොයා ගැනීමට හැකිවී තිබේ.

බිලිඳාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද..(VIDEO)

බිලිඳාගේ මරණයට වගකිවයුත්තේ කවුරුන්ද..(VIDEO)

රක්ෂිතය තුළ අතරමංව සිටි අවස්ථාවේ, කුඩැල්ලන් ශරිරය පුරා ලේ උරාබීම නිසා විජලන තත්ත්වයෙන් සිටි එම පුද්ගලයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇත.