තායිලන්තයේ මව් රැජිණත් ජීවිතයෙන් සමු අරන්
By Kaushi
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිත් රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන්ගේ මව වන සිරිකිත් රැජිණ මිය යන විට 93 වන වියේ පසු වූ බව සඳහන්.
එසේම තායිලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි අතර ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවයි.
සිරිකිත් රැජිණ ඉකුත් 2016 වසරේදී අභාවප්ප්‍රාප්ත වූ තායිලන්තයේ දීර්ඝතම කාලයක් රජකම් කළ බූමිබොල් අදුම්යදේජ් රජුගේ බිරිඳ වේ.
එමෙන්ම එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඇගේ මරණය සම්බන්ධව රාජකීය අවමංගල්‍යයක් සංවිධානය කරන මෙන් වජිරලොන්කෝන් රජු තායි රාජකීය ගෘහ කාර්යාංශයට නියෝග කර ඇති බවයි.