මිනුවන්ගොඩදී ටී – 56 පතරොම් සමග පුද්ගලයෙකු කොටු
මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී ටී – 56 පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (24 ) සවස ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
එහිදී ටී – 56 ජීව පතරොම් 8ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගැනීමට හැකියාව ලැබී ඇත.
එම අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන අඹගහවත්ත, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ .
තවද මිනුවන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.