පළමු omicron මරණය ඉන්දියාවෙන්..මෙරට Omicron ව්‍යාප්තිය ගැනත් විශේෂ නිවේදනයක්...!
පළමුව michonne මරණය ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම,පොදු ස්ථාන වෙත ඇතුළු වීමට එන්නත්කරණ කාඩිපත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වනවිට සිදු කෙරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
මේ අතර ඉදිරි සති කිහිපයේ රට තුල ඔමික්‍රොන් ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ, මේ වනවිට රට තුල ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමක් නිරීක්ෂණය වන බවයි.
එමෙන්ම ඔමික්‍රොන් ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් ධාරිතාවය ඉක්මවා යන විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් ඉදිරියේ දී වාර්තා වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, පවතින තත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ද ආසාදිතයන් බවට පත් වුවහොත් සෞඛ්‍ය අංශ වල කාර්යක්ෂමතාව පහළ බැසීමේ දැඩි අවදානමක් පවතින බවයි.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා හෝ ෆයිසර් මාත්‍රා 2ක් පමණක් ලබා ගැනීම මගින් ඔමික්‍රොන් ප්‍රභේදය මගින් ඇති කරන ආසාදන වැළැක්වීමට ඇති හැකියාව ඉතා අඩු බව මහා බි්‍රතාන්‍යයේ සිදුකල අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 2ක් ලබා ගත් අයෙකුට වර්ධක මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබා දීමෙන් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණයේ කාර්යක්ෂමතාවය 70%ක් දක්වා ඉහළ නැංවිය හැකි බවයි එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත්තේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කළේ, එම අධ්‍යයනයට අනුව එලෙස බූස්ටර් මාත්‍රාවක් දක්වා එන්නත් මාත්‍රා 3ක් ලබා ගැනීම තුළින් කොරෝනා රෝග තත්වය දරුණු වීම වලක්වා ගැනීමට හැකි වන බවයි.
මේ අතර පොදු ස්ථාන වෙත ඇතුළු වීමට එන්නත්කරණ කාඩිපත අනිවාර්ය කිරීම සඳහා වන තාක්ෂණික කටයුතු මේ වන විට සිදු කෙරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ පැවති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ, ඊට අදාළ කේතය සහ යෙදවුම ජංගම දුරකතන යෙදුමක් ඔස්සේ ලබා දීමට සැලසුම් කෙරෙන බවයි. රට තුළ එන්නත්කරණය අනිවාර්ය කිරීමට නෛතික හැකියාවක් නො මැති වුව ද පොදු ස්ථානවලට ඇතුළු වීම සඳහා එන්නත්කරණ කාඩිපත අනිවාර්‍ය කිරීමට නීතිමය හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |