කළුතර විශාල ගින්නක්..ගින්න නිවන්න දැඩි උත්සාහයක.(PHOTOS)

Police Fire Kaluthara
By Aruna Dec 09, 2021 02:24 AM GMT
Aruna

Aruna

Report

කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා , කළුතර උතුර පොලිසිය ප්‍රදේශවාසීන් ගේද සහාය ඇතිව මේ වනවිටත් ගින්න පාලනය කරමින් සිටී .

පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ගෙන තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , විශාල ලී සහ ලෑලි ප්‍රමාණයක් විනාශ වී තිබූ අයුරු දැකගත හැකි විය .

ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery