රෝහලක ඖෂධ ගබඩාවක ගින්නක්..

Hospitals in Sri Lanka Fire
By krishani Feb 22, 2023 05:49 AM GMT
krishani

krishani

Report

බලපිටිය මූලික රෝහලේ ඖෂධ ගබඩාවේ ඊයේ (21) 5.45ට පමණ ඇති වු ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත.

ගින්නෙන් ශීතකරණයේ තිබූ ඖෂධවලට හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.

විදුලි කාන්දුවීමක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එම ගොඩනැගිල්ලේ දුමාරයක් ඇති වීමත් සමග රෝහල් කාර්ය මණ්ඩලය වහා ක්‍රියාත්මක වී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දී ගින්න පාලනය කිරීමට උත්සාහ දරා ඇති අතර පසුව ගාල්ල ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවා දැමීම⁣ට කටයුතු කර ඇත.

එමගින් ඖෂධ රැසක් බේරා ගැනීමට හැකි වූ බව අම්බලන්ගොඩ පොලීසිය පැවසීය.

ගින්නෙන් ඖෂධවලට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join