ත්‍රිකුණාමලයේ පුස්තකාලයක හදිසි ගින්නක්

Report

ත්‍රිකුණාමල ‚ ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) උදෑසන පාසල් ආරම්භ වී විනාඩි කිහිපයක් තුළ ඇතිවූ හදිසි ගින්නකින් පුස්තකාලයේ පොත් සියල්ල ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි උප්පුවේලි පොලිසිය පවසයි.

අභිනව විදුහල්පතිවරයා අද (06) උදැසන රාජකාරි භාරගත් බවට ලොග් සටහන් යොදා උදෑසන ආගමික වතාවත් වලින් අනතුරුව සිසුන් ආමන්ත්‍රණය කරද්දී පුස්තකාලය මෙලෙස හදිසියේ ගිනිගෙන තිබේ.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නව විදුහල්පති බී.ටී.සරත් කුමාර මහතා පවසන්නේ තමන් නව විදුහල්පති තනතුරේ රාජකාරී ආරම්භ කර සුළු වේලාවකදී පුස්තකාලයේ ගින්නක් හටගත් බවත් ක්ෂණිකව ඒ බව ගිනි නිවන ඒකකයට දැනුම් දී ගින්න මැඩ පැවැත්වුවත් පුස්තකාලයේ පොත් සියල්ල විනාඩි කිහිපයක් තුල ගිණිගෙන විනාශ වී ගොස් තිබූ බවත්ය.

පුස්තකාල ගොඩනැගිල්ලට විදුලි සැපයුම තිබුණද එහි විදුලි පරිපථ ටික කලක සිට අක්‍රීය වී තිබු බව ගුරුවරු පවසන අතර මෙලෙස පුස්තකාලය ගිනිගැනීම තුළ කඩා කප්පල්කාරී ක්‍රියාවක් ඇති බවට තමන්ට සැකයක් ඇති බව නව විදුහල්පතිවරයා කීහ.

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට

කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ළඟම නෑයෙක් - සියල්ල එළියට