නිවාස පෙළක විශාල ගින්නක්..නිවාස 08ක් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි.

By Aruna Jan 18, 2025 01:58 AM GMT
Report

මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක ඊයේ (17) රාත්‍රි 11.30ට පමණ හටගත් ගින්නකින් නිවාස 08ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා.

නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්‍න පාලනය කිරීමට වතු කමිකරුවන්,පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුධ හමුදා කඳවුරේ භට පිරිස් සමත්ව තිබෙන බවයි මස්කෙළිය පොලිසිය ප්‍රකාශ කළේ.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළගෙත් වැඩි වීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.

අද සිට දිවයින පුරා කාලගුණයේ ප්‍රබල වෙනසක්..සුළගෙත් වැඩි වීමක්..මේ ප්‍රදේශ වල ජනතාව අවධානයෙන් ඉන්න.


ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුවි නොමැති අතර,ගින්නෙන් විනාශ වු නිවාස වල පදිංචි කරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වි ඇති බව ද වාර්තා වේ.

මස්කෙළිය පොලිසිය පවසන්නේ, ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි.

මේ අතර, මෙම ගින්න විදුලි කාන්දුවකින් සිදුවන්නට ඇති බවටයි වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය සැක පළ කර සිටින්නේ.

ක්‍රිකට් වලට ආදරය කරන අයට අද සිට විශේෂ වෙයි..ලංකාව හෙට කරළියට එයි.

ක්‍රිකට් වලට ආදරය කරන අයට අද සිට විශේෂ වෙයි..ලංකාව හෙට කරළියට එයි.


ගි⁣න්නේ අවතැන් වු පවුල් අටකට අයත් සමාජිකයන් 21 දෙනෙකු ආරක්‍ෂිත ස්ථානයක තාවකාලිකව නතර කිරීමට එම වතුයායේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවද වාර්තා වනවා.

You May Like This Video